Share This Post

Important / News

රිෂාඩ්ලාගේ ඡන්ද ටිකට ලෝබවෙලා මුස්ලිම් අන්තවාදය පරාජය කරන්න බෑ – ජාතික සංවිධාන

රිෂාඩ්ලාගේ ඡන්ද ටිකට ලෝබවෙලා මුස්ලිම් අන්තවාදය පරාජය කරන්න බෑ – ජාතික සංවිධාන

අද (24) පෙරවරුවේ රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සදහන් කළේ රිෂාඩි බදුවුදීන්ලාගේ ඡන්ද ටිකට ලෝබ වී රට තුළ පැන නගින මූලධර්මවාදී ප්‍රවනතාවයන් පරාජය කළ නොහැකි බවය.

මුස්ලිම් ජනතාවගෙන් අති බහුතරය එම අන්තවාදීන්ට එකග නොවන බවද ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේය.

මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසා සිටියේ රටක ජාතික ආරක්ෂාවේ කොදු නාරටිය වන බුද්ධි අංශ දුර්වල කරමින් සුලු ජාතික දේශපාලන නායකයින්ගේ උවමනාව මත ජාතික ආරක්ෂාව බිංදුවට බැස්සවූ එකම රට ලංකාව බවය.

පසුගිය රජය විසින් යුද්ධය අවසන් කළ පසුවද බුද්ධ් අංශ තව තවත් ශක්තිමත් කළ බවත් වර්තමාන රජය විසින් බුද්ධි අංශ ප්‍රධානීන් සිර ගත කිරීමට කටයුතු කළ බවත් වීරසේකර මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

මෙම මාධ්‍ය හමුවට මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර, මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, නීතිඥ කල්‍යානන්ද තිරානගම  ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Support Sri Lanka