News

ආසියාවම අස්ථාවර කරවිය හැකි මඩකලපුවේ ෂරියා උගන්වන්න උපාධි කඩය ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්…

මඩකලපුව පුනානි ප්‍රදේශයේ ඉදිකිරීම් නිමා කරමින් ඇති “මඩකලපු විශ්ව විද්‍යාලය” නමින් හඳුන්වන ආයතනය පිලිබඳ ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ඊයේ(29) කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ජාවකදී සවිස්තර කරුණු දැක්වීමක් සිදු කළේය. මෙහිදී අදහස් දැක් වූ ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ මහ ලේකම් මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ ආරම්භයේ දී “මලික් අබ්දුල්ලා යුනිවර්සිටි කොලීජිය” නමින් ඇරඹු ආයතනයේ නම මේ වනවිට සිව් වරක් වෙනස් කර ඇති බවයි. පීඨ 6 කින් යුතු විශ්ව විද්‍යාලයක් ලෙස පෙන්වුව ද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ඉදිරිපත් කර ඇති ලේඛනවල වෛද්‍ය පීඨයකට අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට අදාල විස්තර ද දක්වා ඇති බව මහාචාර්ය ජයසුමන පැවසීය. “ආගමික, සංස්කෘතික සහ භාෂා පීඨය” යනුවෙන් දක්වා ඇති පීඨයේ දෙපාර්තමේන්තු ඇත්තේ එකක් පමණක් බවත් ඒ “ෂරියා අධ්‍යයන දෙපාර්තමේන්තුව” බවත් මෙහිදී කරුණු ඉදිරිපත් විය. ෂරියා දෙපා...

සහය දෙන මුවාවෙන් ඇමෙරිකාව එන්නේ ලංකාවේ යුද තිප්පලක් හදාගන්නයි

ඉස්ලාම් අන්තවාදය මැඞීමට සහය දෙන බව කියමින් ශ්‍රී ලංකාව තමන්ගේ යුද තිප්පොළක් බවට පත්කරගැනීමට ඇමෙරිකාව උත්සාහ කරන බවත්, එයට ඉඩ නොදී අපේ රණවිරුවන් ශක්තිමත් කර එම අන්තවාදය මැඞීමට රජය පියවර ගත යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා පැවසීය. ඇමෙරිකානු එෆ්.බී.අයි, එම්.අයි 5 වැනි ආරක්‍ෂක අංශ මෙරටට පැමිණීම තුළින් ශ්‍රී ලංකාව සිරියාවක්, ලිබියාවක් හෝ ඇෆ්ඝනිස්ථානයක් විය හැකි බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය. බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදය පැවති සමයේ ශ්‍රී ලංකාවට සහය නොදුන් ඇමෙරිකාව දැන් සහය දක්වන්නට යාමේ යටි අරමුණ වටහාගත යුතු බවද සමරවීර මහතා වැඩිදුරටත් කියා සිටියේය. මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේ පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේදී අද (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. ලොව බිහිසුණුම ත‍්‍රස්තවාදය වූ කොටි ත‍්‍රස්තවාදය පරාජය කළේ මෙරට හමුදාවන් මිස එෆ්.බී.අයි නොවන බැවින්...

උතුරු – නැගෙනහිරට හමුදා ආරක්ෂාව වැඩිපුර ලබාදෙන්න – TNA

කොළඹ සහ දකුණේ සෙසු ප‍්‍රදේශ මෙන්ම උතුර සහ නැගෙනහිරද තර්ජනයට ලක්ව ඇතැයි දෙමළ ජාතික සන්ධානය පවසනවා. ඒ බව සැලකිල්ලට ගෙන උතුරේ සහ නැගෙනහිර ආරක්‍ෂාව තර කරන ලෙසයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ. දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රධාන හවුල්කාර පක්‍ෂයක් වන ඉලංගෙයි තමිල් අරුසු කච්චි වෙනුවෙන් එහි නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර මාවෙයි සේනාධිරාජා, ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සහ අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයෙන් ලිඛිතවද මෙම ඉල්ලීම කර තිබෙනවා.

රිෂාඩ්ලාගේ ඡන්ද ටිකට ලෝබවෙලා මුස්ලිම් අන්තවාදය පරාජය කරන්න බෑ – ජාතික සංවිධාන

අද (24) පෙරවරුවේ රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සදහන් කළේ රිෂාඩි බදුවුදීන්ලාගේ ඡන්ද ටිකට ලෝබ වී රට තුළ පැන නගින මූලධර්මවාදී ප්‍රවනතාවයන් පරාජය කළ නොහැකි බවය. මුස්ලිම් ජනතාවගෙන් අති බහුතරය එම අන්තවාදීන්ට එකග නොවන බවද ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේය. මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසා සිටියේ රටක ජාතික ආරක්ෂාවේ කොදු නාරටිය වන බුද්ධි අංශ දුර්වල කරමින් සුලු ජාතික දේශපාලන නායකයින්ගේ උවමනාව මත ජාතික ආරක්ෂාව බිංදුවට බැස්සවූ එකම රට ලංකාව බවය. පසුගිය රජය විසින් යුද්ධය අවසන් කළ පසුවද බුද්ධ් අංශ තව තවත් ශක්තිමත් කළ බවත් වර්තමාන රජය විසින් බුද්ධි අංශ ප්‍රධානීන් සිර ගත කිරීමට කටයුතු කළ බවත් වීරසේකර මහතා වැඩිදුරටත් පවසා සිටියේය. මෙම මාධ්‍ය හමුවට මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමි, ආචාර්ය ගුණදාස අමරසේ...

කිතුණු බැතිමතුන්ගේ පුජනිය දිනයක සිදු කලා වූ මිලේච්ඡ ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළ දකිමු.

අන්තවාදී අදහස් දරණ පිරිසකගේ මැදිහත් වීමෙන් මුළු මහත් ලෝකයම කම්පා වූ කිතුණු බැතිමතුන්ගේ පුජනිය දිනයක සිදු කලා වූ මිලේච්ඡ ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළ දකිමු. එහිදී ජිවිතක්ෂයට පත් ශ්‍රී ලාංකීය ජනතාව, විදේශික ජනතාව සහ ආරක්ෂක අංශ වල සාමාජිකයින් වෙනුවෙන් ඔවුන්ගේ පවුල් වලට අපගේ බලවත් සංවේගය ප්‍රකාශ කර සිටින අතර එහිදී තුවාල ලැබූ සියලුම දෙනාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු..!

සිංහලයන් මරනවා බල බලා උදේ ආහාරය ගත් ලූතිනල් මැක්ලේන්

බි‍්‍රතාන්‍යයන්ගේ මානව හිමිකම් සහ ඌව වෙල්ලස්ස – 02 කොටස බි‍්‍රතාන්‍යයන්ට අප කිසිදා ආරාධනා කළේ නැත. ඔවුන් අපව ආක‍්‍රමණය කොට බලෙන් මෙරටෙහි පදිංචි වූ අය වෙති. ඉන්පසු කූට ගිවිසුමක් මගින් මුළු රටම අත්පත් කර ගෙන එහි කොන්දේසි අමු අමුවේ උල්ලංඝනය කරමින් ක‍්‍රියා කරන විට සිංහලයෝ ඉංග‍්‍රීසින්ට විරුද්ධව උන්ගෙන් රට නිදහස් කර ගැනීමට සටන් වැදුණි. ඌව වෙල්ලස්ස නිදහස් සටන මර්දනය කිරීමට රොබට් බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාගේ නියෝග මත ගම් නියම් ගම් විනාශ කරමින් සිංහලයින් බුරුතු පිටින් ඝාතනය කරමින් කරන ලද මහත් වූ විනාශය ඇසින් දුටු එවකට බදුල්ලේ හිටපු දිසාපති හර්බට් වයිට් විසින් ”ජර්නල් ඔෆ් ඌව” නමැති සඟරාවට එම තත්ත්වය සඳහන් කොට ලියන ලද ලිපියේ කොටසක් ගිය සතියේ පළ කළෙමු. සිංහලයෝ ඉතා නිර්භීතව විවිධ ගරිල්ලා උපක‍්‍රම යොදමින් සටන් වදිමින් තම හමුදා පරාජය කරන අන්දම දුටු බ‍්‍රවුන්රිග් මහත් සේ මවිතයටත්, බියටත් පත් විය. ඔහු වහ...

දෙමළ 40000ක් මැරූ බවට චෝදනා කළ සුද්දා දැන් ශ‍්‍රී ලංකාවේ; මෙහෙමත් රටක්! පොලිසිය සහ හමුදාව ගැන සෙවීමේ කමිටුවට රජය දොර විවෘත කරයි!!

ශ‍්‍රී ලංකාව අද මුහුණ පා ඇත්තේ මෙවන් අවාසනාවන්ත තත්ත්වයකටය. 40 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව අවසන්වී දින 10 කට පසු මානව හිමිකම් කවුන්සිලය වධහිංසා සෙවීමේ එක්සත් ජාතීන්ගේ අනුකමිටුවක් පසුගිය අඟහරුවාදා මෙරටට එවනු ලැබීය. සිව්දෙනකුගෙන් යුත් මේ කමිටුවට රජය දොර විවෘත කළේය. වික්ටර් සහරාගේ ප‍්‍රධානත්වයෙන් යුත් මේ කමිටුවට පැවරී ඇති කාර්යභාරය වී ඇත්තේ ශ‍්‍රී ලංකා පොලිසිය සහ ආරක්‍ෂක හමුදාව වධහිංසා සිදුකළ බවට එල්ලවී ඇති චෝදනා විමර්ශනය කිරීමටය. එහෙත් මේ වධහිංසාවලට ලක්වූවෝ කවුරුන්ද? ඒ හිටපු කොටි කි‍්‍රයාකාරීන්ය. යුද්ධය අවසන්වී දස වසරකට පසු හිටපු කොටි කි‍්‍රයාකාරීන් 299 ක්, බි‍්‍රතාන්‍යයේ පි‍්‍රඩම් පෝ ටෝචර් නමැති රාජ්‍ය නොවන සංවිධානය මානව හිමිකම් කවුන්සිලයටද වාර්තාවක් ඉදිරිපත් කරමින් ශ‍්‍රී ලංකා හමුදාව වධහිංසාවන් සහ ලිංගික හිංසා බරපතළ ලෙස සිදුකර ඇති බව කියා සිටියේය. එහෙත් මානව හිමිකම් කවුන්සිලයේ බලධාරීන්...

බි‍්‍රතාන්‍යයන්ගේ මානව හිමිකම් සහ ඌව වෙල්ලස්ස; සිංහලයන් යනු අසරණවූ සතුරාගේ පවා මානව හිමිකම් සුරැකි අදීන ජන කොටසක්‌!

වසර තිහක් තිස්සේ රට පෙළුෑ ත‍්‍රස්තවාදය නිම කොට රටට සාමය උදාකර දුන් රණවිරුවන් යුද අපරාධකරුවන් යැයි හංවඩු ගසා ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත් ජිනීවා 30/1 යෝජනාව 2015 වසරේදී ගෙන ආවේ ඇමරිකාවය. අපේ රටේ වර්ත.මාන පාලකයෝ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව එම යුද අපරාධ චෝදනා අගය කරමින් පිළිගෙන එම 30/1 යෝජනාවට ජනපතිගේ හෝ කැබිනට් මණ්ඩලයේ හෝ අනුමැතියකින් තොරව, ලෝකයේ අන් කිසිම රටක් නොකරන අයුරින්, සම අනුග‍්‍රාහකත්වය දක්වන ලදි.  ඉන්පසු මීට ටික කාලයකට ප‍්‍රථම අපට විරුද්ධව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට එම ඊනියා යෝජනාව ගෙන ආ ඇමරිකාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය යනු අගතිගාමි දේශපාලනයේ අශූචි වළක් යැයි පවසමින් ඉන් ඉවත්විය. නමුත් ඉන් පසුවත් අපේ පාලකයෝ එම කොන්දේසි සපිරීමේ කාර්යයේ නිරතව සිටියහ. මෙවර ජිනීවා සමුළුවේදී ඇමරිකාව නොමැති නිසා, ඉහත 30/1 යෝජනාවේ දැනට ඉතිරිව ඇති කොන්දේසි ඇතුළත් කොට 40/1 යෝජනාව ගෙන ආවේ එංග...

සිලාවතුර ථෙරපුත්ත නාවික හමුදා කදවුර වහාම ඉවත් කරනු..! උද්ඝෝෂණ ඇරඹේ..!

එකල මන්නාරමේ සිලාවතුර යනු මුහුදු කොටි නායක සුසෙයි පවා නිතරම ආගිය LTTE කොටින්ට සතුව තිබූ ප්‍රධානම මුහුදු කොටි කදවුරයි. කාන්තා කොටි කදවුරු සංකීර්ණයකක් පවා පැවති මෙම ප්‍රදේශයේ සිට නාවික හමුදාවට සහ උතුරට සැපයුම් කරන නෞකාවලට පහරදීමට LTTE ත්‍රස්තවාදීන් භාවිතා කරේ මේ සිලාවතුර මුහුදු කොටි කදවුරු සංකිර්ණයයි. එදා යාපනයෙන් එක රැයින් මේ තොප්පි කාරයන් එලවා දමද්දී, කාත්තන්කුඩි වලදි පල්ලිය ඇතුලේ සගයන් මරා දමද්දී අද මේ බැනර් උස්සන මට්ටයින් එදා සිටියේ නාවික හමුදා කදවුරු අස්සේය. මුතූර් වලට කොටි ගහනකොට මේ යෝනකයන් සේ නාවික හමුදාවෙන් රැකවරණය ලැබීය. විල්පත්තුවේ ඉතුරු ටිකටත් වැඩේ දෙන්න බදුර්දීන්ගේ ප්ලෑන් එකේ මීළඟ පියවර සිලාවතුර ථෙරපුත්ත නාවුක හමුදා කඳවුර එම ප්‍රදේශයෙන් ඉවත් කරවීමයි… මේ වනවිට බදුර්දීන්ගේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ මෙහෙයවීමෙන් එම නාවුක හමුදා කඳවුර ඉවත්කරන ලෙස ඉල්ලා අඛණ්ඩ උද්ඝෝෂණයක් ක්‍රියාත්මක...

ශී‍්‍ර ලංකාවෙන් ගෙනගිය කෞතුක වස්තු ඉල්ලා බි‍්‍රතාන්‍යයට එරෙහිව සරත් වීරසේකර නඩු දමයි

බි‍්‍රතාන්‍යයන් ශ‍්‍රී ලංකාවෙන් රැගෙන ගිය වටිනා පුස්කොළ පොත් සහ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ යුගයට අයත් පුරාවස්තු ආපසු දෙන ලෙස ඉල්ලමින් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා බි‍්‍රතාන්‍ය රජයට එරෙහිව නඩුවක් ගොනු කර ඇත. මෙම නඩුව සඳහා බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලාංකික නීතිවේදිනියක් හා රාජ නීතිඥවරු දෙදෙනෙක් පෙනී සිටිති. රියර් අද්මිරාල්වරයකු බි‍්‍රතාන්‍යයට එරෙහිව නඩුවක් පැවරූ මුල්ම අවස්ථාව මෙය වෙයි. ශ‍්‍රී ලංකාවට අයත් පුරාවස්තු රැගෙන යෑම සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍යය සමාව ගත යුතු යැයිද නඩුවේ සඳහන්ව ඇත. ශ‍්‍රී ලංකාවට අයත් මෙම කෞතුක වස්තු ලන්ඩන් කෞතුකාගාරයේ තැන්පත් කර ඇතැයි හෙළි වී තිබේ. මේ අතර පසුගියදා පැවති 40 වන මානව හිමිකම් සැසිවාරයට ගෝලීය ශ්‍රී ලාංකික සංසදය නියෝජනය කරමින් සහභාගීවූ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කොමිසම හමුවේ සිය කතාව අතරතුර නිර්භීතව පහත ප්‍රකාශය සිදු කළේය. එම ප්‍රකාශය පහතින්- ‘‘පරණ පුරුදු අ...

හමුදාව දංගෙඩියට ගෙන යන සුමන්තිරන්ගේ මෙහෙයුමට චීනයෙන් – රුසියාවෙන් පොල්ලක්

ශී‍්‍ර ලංකා හමුදාව ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යෑම සඳහා ද්‍රවිඩ සන්ධාන මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන් දියත් කළ මෙහෙයුම චීනය හා රුසියාව විසින් ව්‍යර්ථ කර ඇත. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී සුමන්තිරන් ගෝලීය ද්‍රවිඩ සංසදයේ නායක එමානුවෙල් එහි ප‍්‍රකාශක සුරේන් සුරෙන්ද්‍රන්, එම්. කේ. සිවාජිලිංගම් ඇතුළු කොටි ඩයස්පෝරා කි‍්‍රයාකාරීන් අතර මේ පිළිබඳව සාකච්ඡාවක් පවත්වා තිබේ. කැනඩාවේ සහායෙන් ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යෑම සඳහා මෙහිදී සාකච්ඡා කර ඇත. එහෙත් කැනඩාව විසින් එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට යොමු කිරීමට නියමිතව තිබූ යෝජනාවකට නිෂේධ බලය යොදා එය ප‍්‍රතික්‍ෂේප කිරීමට රුසියාව හා චීනය තීරණය කර තිබේ. කැනඩානු කොටි ඩයස්පෝරාවේ කි‍්‍රයාකාරිකයකු මෙන්ම එරට මන්තී‍්‍රවරයකු වූ ගැරි ආනන්ද සංගරි මෙම මෙහෙයුම පසුබිමේ සිටින බව හෙළි වී ඇත.

‘සුමන්තිරන් අපි ආවා.. උඹ එනකන් තමයි ඉන්නේ..’ ශ්‍රී ලාංකිකයෝ ජිනීවා රොද බදිති.. මහින්ද රාජපක්‍ෂත් විරෝධතාකරුවන් හා එක්වෙයි…

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිට ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය සංවිධානය කළ උද්ඝෝෂණයේදී අදහස් දැක්වූ මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ සාවද්‍ය වාර්තාව පිළිගැනීමට ශ්‍රී ලාංකිකයන් සුදානම් නැති බවත් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවකට සම අනුග්‍රාහකත්වය දැක්වීමට මහා බ්‍රිතාන්‍යයට කිසිදු අයිතියක් නැති බවත්ය. 1818 දී සිංහල තරුණ තරුණියන් දහස් ගණනක් අමු අමුවේ මරා දැමු බ්‍රිතාන්‍ය අද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන කතා කිරීම විහිළුවක් බව ඒ මහතා පැවසීය. එදා 2015 මංගල සමරවීර ජිනීවා හිදී සිදු කළ පාවාදීම අද තිලක් මාරපන සිදු කිරීමට උත්සහ දරණ බව පැවසු මහාචාර්ය ජයසුමන මේ සඳහා උල්පන්දම් දෙන දෙමල ජාතික සන්ධානයේ සුමන්තිරන්ට ඇත්තේ වෙනත් බලයක් නොව රනිල් වික්‍රමසිංහගේ අගමැතිකමේ හයිය බව පැවසීය. සුමන්තිරන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජිනීවා පැමිණෙන තෙක් තමන් ජිනීවා සිට බල...